Saturday, January 11, 2025

General line - 0115112241

සහල් ආනයන චක්‍රලේඛය යළි දීර්ඝ නොකිරීමට තීරණයක්




මෙරටට සහල් ආනයනය කිරීමේ චක්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසනවා. යළි සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ආනයනය කර, රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 67,000 ඉක්මවන බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. 

ඊට කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් එක් ලක්ෂ එක් දහසක් ඇතුළත්. 

එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නොහැකි වූ සහල් මෙටි්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව පැවසුවා.