ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් විසින් වැලිඔය පොලිස් වසමේ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
පදවිය ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වැටලීමේදී ඔ56 ගිනි අවියක්, විදේශීය නිශ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
සිය භාරයට ගත් ඔ56 ගිනි අවිය, මනුෂ්‍ය ඝාතන රැසක් සදහා භාවිත කළ ගිනි අවියක් බවට අනාවරණ වී ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
ඝාතනයට ලක්වූ 73 හැවිරිදි කාන්තාවගේ මිණිබිරිය ඝාතනය සඳහා මොවුන් පැමිණ ඇති අතර, ඇය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවටද අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවට වෙඩි වැදී ඇත්තේ වැරදීමකින් බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.