Saturday, January 11, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රීලනිප අවසන් තීරණයක් ගනී




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ශවයන් සමග මේ වන විටත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.