ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiLes වැඩසටහනේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි.
මේ වනවිට ලොව පුරා FlySmiLes සාමාජික සාමාජිකාවන් 800,000 කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ට වඩාත් පහසුවෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමට සහ FlySmiLes ප්රතිලාභ හිමිකරගැනීමට හැකි වන ආකාරයට මෙය සැලසුම් කර ඇත.
මෙමගින් FlySmiLes සාමාජික සාමාජිකාවන්ට ගුවන් ගමන්වවලදී සහ අනෙකුත් හවුල්කරුවන්ගෙන්ද සුවිශේෂී අත්දැකීම් පෙළක් හිමි වනු නිසැක ය.
“නව FlySmiLes වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහා අප දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්.
එමෙන්ම එය අපගේ පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීම සඳහා අප අනුගමනය කරන ක්‍රමවේදයේ කැපීපෙනෙන ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.
නව විශේෂාංග රැසක් සහිතව, වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සැලසුම් කර ඇති මෙම වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට තමන් කැමති වේලාවක කැමති ස්ථානයක සිට FlySmiLes වරප්‍රසාද හා විශේෂ දීමනා හිමිකර ගැනීමට හැකියාව ලැබේවි.
එමෙන්ම මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ miles මගින් කරන ගනුදෙනු දැන් පෙරට වඩා අතිශයින් පහසු ය. තවද සාමාජිකයන්ට දැන් තම Google හෝ Facebook සමාජ මාධ්‍ය ගිණුම් හරහා FlySmiLes වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දී ඇත.
ගෙවීම් කිරීමේදී American Express, Visa සහ MasterCard ඇතුළු ගෙවීම් ක්‍රම රැසක් භාවිතා කළ හැකි අතර, ගනුදෙනුවලදී සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් (OTP - One-Time Password) හඳුන්වා දී ඇත.
FlySmiLes වැඩසටහන යටතේ Platinum, Gold, Classic සහ Blue යන සාමාජික ස්ථර හඳුන්වා දී ඇති අතර, Silver සාමාජිකත්වය ලබාගත හැක්කේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම-සන්නාමගත ක්‍රෙඩිට් කාඩ්පත් හිමි පුද්ගලයන්ට පමණි.
oneworld® ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය හඳුන්වා දී ඇති FlySmiLes වැඩසටහන, නිරන්තරයෙන් සංචාරයේ යෙදෙන පුද්ගලයන්ට ලොව ප්රමුඛ පෙළේ ගුවන් සේවා එකතුවක් හරහා වඩාත් විශිෂ්ට අත්දැකීම් පෙළක් හිමිකර දීම සඳහා ක්‍රියාවට නංවන ලද සුවිශේෂී වැඩසටහනකි.
එහි සාමාජිකයන්ට ලොව ගමනාන්තයන් 900 කට අධික සංඛ්‍යාවක සුඛෝපභෝගී විවේකාගාර 700 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.
එමෙන්ම ඔවුන්ට oneworld® සන්ධානයේ සාමාජික ගුවන් සේවාවන්, ඒ හා සම්බන්ධ වෙනත් ගුවන් සේවාවන් හෝ වෙනත් හවුල්කාර ගුවන් සේවාවන් භාවිතා කිරීමේදී FlySmiLes miles හිමිකර ගැනීමට සහ භාවිතා කිරීමටද අවස්ථාව සලසා දී ඇත.
FlySmiLes වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා නව වෙබ් අඩවියට පිවිසෙන්න: www.flysmiles.com