ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (CA SL) හා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL), එක්ව 8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල - 2024 (BARA Awards - 2024) 2024 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වා තිබුනා.
මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු CA Sri Lanka හි සභාපති හේෂණ කුරුප්පු මහතා, උප සභාපති ටිෂාන් සුබසිංහ මහතා, සහ ප්‍රධාන විධායක නිලධාරී ලක්මාලි ප්‍රියංගිකා මෙනවිය යන සම්භාවනීය අමුත්තන් රාශියක් සහභගී විය.
මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන වාර්තාව - 2023 සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු අංශයේ ඇගයීම් සහතිකයක් හිමිවිය.
මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙනිය මහතා, කොමසාරිස් (අභ්‍යන්තර විගණන) ඩී. එම්.බී කරුණාරත්න මහතා, අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) එන්. සුරංජි විජයවර්ධන මිය, නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) කේ.මහතන්තිල මෙන විය සහ මෙම වාර්තාවේ නිර්මාණ කටයුතු සිදුකළ බන්ධනාගාර සැරයන් කැළුම් හෙට්ටිගොඩ මහතා සහභාගී විය.
මෙම සම්මාන උළෙල සඳහා මෙම වසරේ 600 කට අධික රාජ්‍ය හා අනුබද්ධ ආයතන ප්‍රමාණයක් සහභාගී විය. තවද බන්ධනාගාර දෙපාර්තමේන්තු 2020 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව 2021 වසරේදී රාජ්‍ය දෙපාර්තමේන්තු රන් සම්මානය හිමි වීම හා අනුයාත වසර 03 තුලදීම ඇගයීමට පාත්රවී තිබෙනවා.