නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ තොගයක්, සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා
ශ්රී ලංකා නාවික හමුදාව මඟින් මීගමුව කලපු ප්රදේශයේ සහ හැඳල මුහුදු ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් විස්සක (20) අසුරන ලද බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය පනස් පහක තොගයක් (තෙතබර සහිතව) ඩිංගි යාත්රාවක් (01) සහ සැකකරුවන් තිදෙනා නාවික හමුදා භාරයට ගෙන තිබෙන්නේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 47 අතර වයසේ පසුවන වෙන්නප්පුව සහ මදුරන්කුලිය යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙදෙනා, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.