ඉදිරි මාස 06 සඳහා විදුලි බිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව සඳහන් අවසන් වාර්තාව මහජන උපයෝගිතා කොමිසමට ලබාදුන් බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ මහජන උපයෝගිතා කොමිසම විසින් එහි අවසන් තීරණය ලබාදිය යුතු බවයි.
ඊට විරෝධය දක්වමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පැවසුවේ විදුලිබල මණ්ඩලය මේ වන විටත් ලාභ ලබමින් සිටින අවස්ථාවකදී මෙවැනි තීරණ ගැනීම තම සංගමය අනුමත නොකරන බවයි.
එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඉල්ලා සිටියේ මැතිවරණ කාල සීමාව තුළ විදුලි බිල අඩු කරන බවට ජනතාවට රජය ලබාදුන් පොරොන්දු හැකි ඉක්මනින් ඉටු කරන ලෙසයි.
මේ අතර විදුබිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ලබාදුන් වාර්තාව පිළිබඳව අධ්‍යනය කටයුතු අද දිනයේ ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි එම කොමිසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.