කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ගධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.
සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට තර්ජනය කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී සැකකරු බීමත්ව සිටි බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.