එළඹෙන වසරේ සිට පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් සඳහා ලබාදුන් රෙදි වෙනුවට නිල ඇඳුමක් මසා ලබාදීමට රජය බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඒ වෙනුවෙන් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් වී ඇති බවයි කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ගුරුවරුන්ට සහ රාජ්‍ය සේවකයන්ට ද දේශීයව නිෂ්පාදනය කළ එක් ඇඳුමක් හෝ ලබාදීමට ඉදිරියේදී රජය සැලසුම් කර ඇති බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ.