Saturday, January 11, 2025

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම රජයේ වගකීම බව නාමල් කියයි




අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම රජයේ වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනතාව අපහසුතාවයට පත් නොකර අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් ජනතාවට ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.


මැතිවරණ සමය තුළ වර්තමාන රජය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු මේ වන විටත් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.


වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙලට තම පක්ෂය කිසිසේත්ම බලපෑම් එල්ල  නොකරන බව සර්වජන බලය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. 

ඔහු වර්තමාන රජයෙන් ඉල්ලා සිටියේ වෙළඳපොළ තුළ හිඟව පවතින සහල් හා පොල් හිඟයට රජය මැදිහත් වී කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි.