2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය තුළදී වැඩි විදුලි ධාරිතාවක් අවශ්‍ය වන බව විදුලිබල මණ්ඩලය විසින් සිදුකල පුරොකතනවලින් අනාවරණය වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ එම තත්ත්වය පදනම් කර ගනිමින් ඉදිරි මාස 06 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බවයි.
විදුලි ගාස්තුව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ වාර්තාවේ ද එම දත්ත ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ජල විදුලියෙන් ලැබෙන විදුලි ධාරිතාව එළඹෙන වසර සඳහා ප්‍රමාණවත් නොවන බව ද විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.