පුරාවස්තු ආරක්‍ෂා කිරීම සඳහා පනවා ඇති දඩ මුදල් ප්‍රමාණවත් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දඩ මුදල ඉහළ දැමීම සහ පවතින නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පැවසුවේ.
මසකට නිදන් හැරීමේ සිද්ධීන් 30 ක් පමණ වාර්තා වන බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියා.