ඇනවුම් කළ ආනයනික සහල් තොග ලබන සතියේ දිවයිනට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවයි.
එම සහල් තොග ඉන්දියාව හා පාකිස්තානය යන රටවලින් ඇනවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
පසුගියදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට ඍජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමටයි.
ඒ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් මෙම මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා.