හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රධාන හාල් මෝල්වලින් සහල් බෙදා හැරීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂාවක් සිදුකල බව පාරිභොගික අධිකාරිය පවසනවා.
එමෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කරන ලද සහල් මිල පරිදි නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 230 ක් වනවා.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් ලෙස සඳහන් වන අතර එහි සිල්ලර මිල රුපියල් 220 ක්.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 ක් වනවා. සම්බා කිලෝවක තොග මිල රුපියල් 235 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 240 ක්. කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් වන අතර එහි සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 260 ක් ලෙසයි.
එම සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින සහල් හිඟය සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළා.
රජය විසින් නියම කරන ලද සාධාරණ මුදලකට ඉදිරියේදී සහල් බෙදා දීමට තමන් එකඟ වන බවයි එම සාකච්ඡාවට එක් වූ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළේ.
මේ අතර පවතින සහල් හා පොල් හිඟය සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.