සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි.
එම පොල් ගෙඩියක විකුණුම් මිල රුපියල් 130 ක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විට සතොස හරහා අලෙවි කරනු ලබන්නේ පොල් ගෙඩි ලක්ෂයක් පමණයි.
රජය සතු වතුවලට අයත් පොල්, සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.
මේ අතර උත්සව සමය වෙනුවෙන් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.