Saturday, January 11, 2025

General line - 0115112241

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

එන් ඒ ඩබ් නිරෝෂන්




උතුරු සහ නැහෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකියි. 


මේ, ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රබොධිනී කරුණාරත්න මහත්මිය.