Saturday, January 11, 2025

General line - 0115112241

සංඛ්‍යා දත්තවලට අනුව සහල් හිඟයක් ඇති විය නොහැකි බවට විද්වතෙකුගෙන් අනාවරණයක්




ජන හා සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව රට තුළ කිසිදු හාල් හිඟයක් ඇති විය නොහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ පසුගිය කාලයේදී යල කන්නයෙන් සහ මහ කන්නයෙන් ලබාගත් වී මෙටි්‍රක් ටොන් 44,000 ක් රට තුළ පැවතිය යුතු බවයි.

පවතින සහල් ඒකාධිකාරයට පැවති කිසිදු රජයකින් පිළියම් යෙදීමට කටයුතු නොකළ බවයි මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ.

වී අලෙවි මණ්ඩලය පසුගිය කාලය පුරාවටම වී මිලදී නොගැනීම සහ අදාල බලධාරින් වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් රට තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවද මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.