Saturday, January 11, 2025

General line - 0115112241

අම්පාර දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් අද විශේෂ පරික්ෂාවකට




අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාපිත මහා පරිමාණ සහල් මෝල් කිහිපයක් අද දිනයේ පරික්ෂාවට ලක් කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සහල් මෝල්වලින් වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ගණනය කිරීම් සිදුකරන බවයි. 

එමෙන්ම පාලන මිලට සහල් අලෙවි වනවා දැයි සොයා බැලීම සඳහා අද දිනයේ දිවයින පුරා පාරිභෝගික අධිකාරයේ නිලධාරින් යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

ඊයේ දිනයේදී හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇති සහල් මෝල් ද පාරිභෝගික අධිකාරයේ හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා.

මේ අතර රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කළද සිල්ලර වෙළඳුන්ට එමඟින් වාසියක් හිමි නොවන බවයි වෙළඳසැල් හිමියන් පවසන්නේ. 

එමෙන්ම මේ වන විටත් ප්‍රමාණවත් සහල් තොග වෙළඳසැල්වලට ලැබී නොමැති බවට ද ඔවුන් චෝදනා කරනවා.