Saturday, January 11, 2025

General line - 0115112241

වගා හානි සිදුකරන සතුන් ඝාතනය වෙනුවට තාක්ෂණික ක්‍රම මඟින් පාලන කරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම්




වගා හානි සිදුකරන සතුන් පලවා හැරීම සඳහා අවශ්‍ය අවි ආයුධ රජයේ මැදිහත්වීමෙන් ලබාදිය යුතු බව මොරගහකන්ද ඒකාබද්ධ ගොවි පදනම පවසනවා. 

එම පදනමේ සභාපති ඩබ්ලිව් එම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ වන අලින් පලවා හැරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගත යුතු බවයි. 

සතුන් ඝාතනය කිරීමට වඩා වෙනත් ක්‍රම මඟින් සතුන්ගෙන් වන හානි අවම කර ගැනීම වඩාත් සුදුසු බව ලොකු ළුෑණු බීජ නිෂ්පාදන සංගමයේ සභාපති එස් කේ රත්නපාල මහතා පෙන්වා දුන්නා.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව රිලවුන්ගෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනවා. 

සිය ජීවිකාව පවත්වාගෙන යාමට දැඩි ගැටලුවක් බවට පත්ව ඇති රිලවුන් පලවා හැරීමට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි එම ප්‍රදේශයේ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ.