Saturday, January 11, 2025

General line - 0115112241

අද සිට පොල් තොග වැඩියෙන් සතොසට




ඉදිරි සති දෙක තුළදී ලංකා සතොස හරහා පොල් ගෙඩි ලක්ෂ 15 ක් ජනතාවට ලබාදීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

එම පොල් තොගය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

ඒ අනුව සාමාන්‍ය පොල් ගෙඩියක් රුපියල් 130 ක මිලකටත් ප්‍රමාණයෙන් කුඩා පොල් ගෙඩියක් රුපියල් 110 ක මිලකටත් අලෙවි කිරීමට නියමිතයි.

මේ අතර මීට පෙර සතොස හරහා දෛනිකව අලෙවි කරනු ලැබුවේ පොල් ගෙඩි ලක්ෂයක් පමණයි. 

අද දිනයේ සිට එම ප්‍රමාණයන් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. රජය සතු වතුවලට අයත් පොල්, සතොස හරහා එලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

මේ අතර උත්සව සමය වෙනුවෙන් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.