Saturday, January 11, 2025

General line - 0115112241

උත්සව සමයේ වෙළඳපොළට එන පාරිභෝගිකයන්ට දැනුම් දීමක්




උත්සව සමය ඉලක්ක කර ගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වීමට ආසන්න ආහාර වර්ග කූඨ ව්‍යාපාරිකයන් විසින් වෙළඳපොළට මුදා හැරීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී  ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙසයි. 

රසායනික ද්‍රව්‍ය හා රසකාරක යොදා ගනිමින් විවිධ පලතුරු වර්ග සහ ආහාර වර්ග උත්සව සමය ආසන්න වන විට වෙළඳපොළට බහුලව නිකුත් කිරීමේ අවධානමක් පවතින බවද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.