සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
අදාල සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක තොරතුරු වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් එම වාර්තා අසත්‍ය බවයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ.
ලලිත් කන්නංගර නැමති අපරාධකරු මීට වසරකට පමණ ඉහතදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබුණා.
කෙසේවෙතත් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණු අදාල සැකකරු පසුව මුදාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.