විදුලි ගාස්තු අඩු කිරීමට රජය පියවර නොගන්නේ නම් සියලු පාර්ශව සමඟ එක්ව ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.
මේ අතර මෙම වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට එහි අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ මෙම වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ ලාභයක් ඉපයුවද එය ණය ආපසු ගෙවීමට සහ මීට පෙර සිදුකල විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවයි.
පවත්නා තත්ත්වය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදිය නොහැකි බවට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.