Saturday, January 11, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව පැරදවූ දකුණු අප්‍රිකානුවන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු ස්ථානයට




සත්කාර දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 109 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා.       

ඒ, ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 238 කට සීමා වීම හේතුවෙන්. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 205 ක් රැස් කරගෙන සිටියා. 

අද දිනයේදී ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 33 ක් එක්වද්දී    ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 05 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා. 

අද දිනයේදී ධනංජය ද සිල්වා ලකුණු 50 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 46 කට දැවී ගියා. 

ප්‍රභාත් ජයසූරිය දැවී ගියේ ලකුණු 09 කටයි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 05 කට දැවී ගිය අතර ලහිරු කුමාර රැස් කළේ එක් ලකුණක් පමණයි.

මෙම තරගයේ පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 317 ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු සංඛ්‍යාව 328 ක්. 

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ෂක්‍ක්‍ ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව සිටිනවා.