කොල්ලූපිටිය ප්‍රදේශයේ බීමත්ව රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රත්වත්තේ මහතා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ බීමත්ව රිය පදවා කොල්ලූපිටිය ප්‍රදේශයේ අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඉන් අනතුරුව ඔහු ස්වසන පරීක්ෂණයකට යොමු කළ බවත් එහිදී ඔහු බීමත්ව සිටි බවට කරුණු අනාවරණය වූ බවත් පොලිසිය පැවසුවා.
මෙම සැකකරුට එරෙහිව ඉදිරියේදී චෝදනා පත්‍රයක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව සැකකාර ලොහාන් රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ අධිකරණය එම නඩුව ජනවාරි මස 14 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළා.