Saturday, January 11, 2025

General line - 0115112241

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වගකීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්




කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලයෙන් ඵලක් නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

“2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

2021 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව නඩු 69 ක් පවරා ඇති අතර ඉන් නඩු 40 ක් ඉල්ලා අස් කර ගෙන තිබෙනවා. 

2022 වසරේදී නඩු 89 ක් පවරා ඇති අල්ලස් හෝ දූෂණ කමිෂන් සභාව ඒ අතරින් නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.