පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර කිසිවක් පිනට ලබාදී නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසනවා.
සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්පයක් ලෙස රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට පසුගිය කාලයේදී කටයුතු කළ බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පසුගිය රජය සමයේ ලබාදුන් මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් පලවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා.