Saturday, January 11, 2025

General line - 0115112241

පහකට මරු කැඳවූ යාපනයේ උණ දකුණටත් පැතිරෙයිද?




යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගය රටේ වෙනත් ප්‍රදේශවලට පැතිර යාමේ අවදානමක් නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. 

නෙත් නිවුස් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ යාපනය ප්‍රදේශයෙන් මෙම රෝගීන් වාර්තා වීමට බලපෑ හේතු ද මේ වන විට අනාවරණ වෙමින් ඇති බවයි.  

මේ වන විට උණ රෝගයක් පැතිර යමින් ඇති බැවින් නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් තත්ත්වය මාරාන්තික විය හැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවේ මේ වන විට මී උණ රෝගයද පැතිර යමින් ඇති බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. 

යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.