Saturday, January 11, 2025

General line - 0115112241

මහින්ද ළඟ වරකට සිටින ආරක්‍ෂකයින් 20ට අඩු වෙයි




ආරක්‍ෂක නිලධාරීන් ඉවත් කිරීමත් සමග මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටින සංඛ්‍යාව 60ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

එහි සාමාජික නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ එක් අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සිටින සංඛ්‍යාව 15ත් 20ත් අතර සංඛ්‍යාවකට සීමා වී ඇති බවයි.  

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකියාව නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකුට පවතින තර්ජන සලකා බලා ඊට අනුරූප ආරක්‍ෂාවක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බවයි. 

ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට ආරක්‍ෂාව ලබා දෙන්නේ තර්ජනයක් පවතින්නේ නම් පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අනියුක්ත කර සිටි පොලිස් නිලධාරීන් 116 දෙනෙකු පොලිස් රාජකාරි සඳහා මේ වන විට ස්ථාන මාරු කර යවා තිබෙනවා.