Saturday, January 11, 2025

General line - 0115112241

ඖෂධ හිඟය තවමත් අවසන් නැහැ

කමල් සුරවීර




කලක් තිස්සේ පවතින ඖෂධ හිඟය තවමත් අවසන් වී නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ රෝහල් මට්ටමෙන් ඇති වන ඖෂධ හිඟයන් මැඩපැවැත්වීම සඳහා විසඳුම් ලබා දෙමින් සිටින බවයි. 

ඖෂධ හිඟයට දීර්ඝ කාලීනව විසඳුමක් ලබා දීම රජයේ අරමුණ බවයි ඔහු කියා සිටියේ.

මේ වන විටත් ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 04කට වෙන් කර ඖෂධ හිඟය විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් පැවසුවේ.