Saturday, January 11, 2025

General line - 0115112241

විනිසුරු පත්වීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

උදය කුමාර




ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණයකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20 ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. 

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවටයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.