Saturday, January 11, 2025

General line - 0115112241

යාපනයේ හඳුනා නොගත් උණ 07ක් බිලිගනී

මාධව කුලසූරිය




යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 07 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

කෙසේවෙතත් මෙලෙස පැතිර යන උණ රෝගය මී උණද? එසේත් නැතිනම් වෙනත් රෝග තත්ත්වයක්දැයි මෙතෙක් තහවුරු වී නැහැ. 

මිය ගිය පුද්ගලයින්ගේ සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ සහ මහනුවරට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. 

යාපනයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු සොයාබැලුවා නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.

කෙසේවෙතත් නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ මෙම උණ රෝගය රටේ වෙනත් ප්‍රදේශවලට පැතිර යාමේ අවදානමක් නොමැති බවයි.

මේ වන විට උණ රෝගයක් පැතිර යමින් ඇති බැවින් නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් තත්ත්වය මාරාන්තික විය හැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා.