Saturday, January 11, 2025

General line - 0115112241

සජබයේ ජාතික ලැයිස්තුවට එරෙහිව වාරණ නියෝගයක්

උදය කුමාර




ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. 

ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහත විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

ඉකුත් මහමැතිවරණයේ සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05ක් හිමි වුණා.