Saturday, January 11, 2025

General line - 0115112241

ඇමති නිල නිවාස, සුඛෝපභෝගී වාහන භාවිත නොකිරීම වැනි කරුණු වලට වඩා රට තුළ ප්‍රශ්න තිබෙනවා - චරිත හේරත්




ඇමති නිල නිවාස අත්හැරීම, සුඛෝපභෝගී වාහන භාවිත නොකිරීම වැනි කරුණුවලට වඩා රට තුළ විසඳිය යුතු තීරණාත්මක ප්‍රශ්න තිබෙන බව සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මැතිවරණ සමයේ ලබා දුන් එවැනි පොරොන්දු ඉටු කිරීමට යාමේදී ගැටලු මතුවිය හැකි බවයි. 

පවතින ආකෘතිය වෙනස් කිරීම පවා වත්මන් ආණ්ඩුවට අපහසු කාර්යයක් විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.