Monday, December 23, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියට ලැබුන හැටි




2034 පිරිමි පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. 

ඒ, පාපන්දු සාමාජික රටවල බහුතර ඡන්දයෙන්. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ රටවල් 211ක සියලුම සාමාජිකයින් ඒ සඳහා එක්ව තිබුණේ වීඩියෝ තාක්‍ෂණයෙන්. 

කෙසේවෙතත් එහිදී සෞදි අරාබියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ස්විට්සර්ලන්තය හා ඩෙන්මාර්කය ප්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදියට හිමි වුණද මේ දක්වා තරග ඔවුන් ඉදිකර ඇත්තේ ක්‍රීඩාංගණ 04ක් පමණයි. 

ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩාංගණ 15ක් අවශ්‍ය වනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මෙම ඡන්ද විමසීමේදී 2030 වසරේ පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව යන රටවල ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

ඒ, 2030 වසරේදී පාපන්දු ලෝක කුසලානය පවත්වා වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්.