Saturday, January 11, 2025

General line - 0115112241

අසාද් සාලි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි




2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. 

ඒ වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක්  ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා. 

එමෙන්ම මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.