Saturday, January 11, 2025

General line - 0115112241

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම සඳහා සාකච්ඡා




දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර තිබෙනවා.      

ශ්‍රී  ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාළව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බවයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් එක් ලක්ෂ 50,000ක් පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.