දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා පවසනවා.
ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමග ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවේදීයී.
දූෂණය හා වංචාව වැළැක්වීම සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්‍රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බව පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ද ඇගැයීමට ලක් කර තිබෙනවා.