Saturday, January 11, 2025

General line - 0115112241

නැව හරවා ගියත් ඉන්ධන හිඟයක් නැහැ - රජයෙන් ප්‍රකාශයක්




රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ කිසිදු අවදානමක් මතුවී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති ජනක රාජකරුණා මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මෙරටට පැමිණි ඉන්ධන නෞකාවක් ආපසු පිටත්ව යාම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා.

විදුලි ගාස්තු සංශෝධන යෝජනා සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. 

මේ, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා.

ලබන වසරේ මැයි මාසය වන විට විදුලිබල පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමට අපේක්‍ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.