ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 14,000 ඉක්මවා ගියා.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසාන වන විට සියලු කොටස් මිල දර්ශකයේ අගය වාර්තා වුණේ ඒකක 14,035යි දශම 8යි එකක් ලෙසයි.
ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150යි දශම 7යි 2කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම එස් ඇන් පී එස් එල් ටුවෙන්ටි දර්ශකයද ඒකක 43යි දශම 1යි 7කින් අද දිනයේ ඉහළ ගොස් ඇති අතර ගනුදෙනු අවසානයේදී එම දර්ශකයේ අගය ඒකක 4,186යි දශම 4යි 6ක් ලෙස දැක්වුණා.
අද දිනය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ පිරිවැටුම රුපියල් බිලියන 7යි දශම 3යි 5කට ඉහළ අගයක් ගැනීමද විශේෂිත සිදුවීමක්.