සිරියාවෙන් පලා ගිය ජනාධිපති බෂාර් අල්අසාද් පවත්වාගෙන ගිය දරුණු සිරකඳවුරු වසා දමන බවට එරට කැරළිකාර හමුදාව පවසා තිබෙනවා.
අදාළ සිරකඳවුරු තුළ රැඳවියන් ඝාතනයට හා වධහිංසාවට ලක්කිරීමට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදෙන බවයි සිරියානු කැරළිකාර හමුදාව වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම “මිනිස් ඝාතකාගාරයක්” ලෙස හඳුන්වන ලද සයිඩ්නායා බන්ධනාගාරයෙන් සිරකරුවන් දහස් ගණනක් නිදහස් කරන ආකාරයද විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
අසාද් විසින් පාලනය කරන ලද සිරකඳවුරු තුල සිරකරුවන් 60,000කට අධික පිරිසක් වධ බන්ධනවලට ලක් කර ඝාතනය කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.
මේ අතර කැරළිකාර කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා නොහොත් අබු මොහොමඩ් අල් ජොලානි ප්‍රකාශ කර ඇත්තේ සිරියාවේ හිටපු ආරක්ෂක හමුදාව විසුරුවා හරින බවයි.