රුපියල් 31කටත් වඩා වැඩි අගයක් ගෙන ඇති විදුලි ඒකකයක පිරිවැය රුපියල් 24ක් දක්වා අඩු කිරීම සිය සැලසුම වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසනවා.
ස්වභාවික වායු මගින් විදුලි උත්පාදනය ආරම්භ කිරීම එම සැලසුමේ කොටසක් වන බවයි ඔහු කියා සිටියේ.
විදුලි ඒකකයක පිරිවැය තීරණය කරන නිෂ්පාදන සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ වියදම් අවම කර ගැනීමට ඉදිරියේදී අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බවද ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.