Tuesday, December 24, 2024

General line - 0115112241

නව කථානායකවරයා පත් කිරීම අද - විපක්ෂය තවමත් වැට උඩ

එන් ඒ ඩබ් නිරෝෂන්




පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට යළි රැස්වනවා. අද දිනයේ පළමු කාර්යය ලෙස නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතයි. 

ඉන් අනතුරුව පුරප්පාඩු වී ඇති කථානායක ධූරයට නව කථානායකවරයෙකු තෝරාපත් කර ගැනීමට නියමිත බවයි දෙන බවයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ. 

අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 06.30 දක්වා පැවැත්වීමට නියමිත බවද සභානායකවරයා පැවසුවා.

කථානායකවරයා තෝරාපත් කර ගැනීම සඳහා සිය පක්ෂයෙන් ද නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කළා. කෙසේවෙතත් විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ අද දිනයේ සාකච්ඡා කර නමක් යෝජනා කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ.


මේ අතර කථානායකවරයා තෝරා ගැනීම සඳහා විපක්ෂය විසින් නමක් ඉදිරිපත් කිරීමේ සූදානම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.