ලබන වසරේ මුල් මාස 06 ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම අද සිට ආරම්භ වන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මහජනතාවට ලිඛිතව සිය අදහස් ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.
පළාත් 09 යේ වාචික අදහස් දැක්වීමෙන් පසු ලබන වසරේ ජනවාරි 17 වනදා මහජන උපයෝගිතා කොමිසම සිය අවසන් තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා.