Tuesday, December 24, 2024

General line - 0115112241

ජනතාව පීඩාවට පත් කරන අවිධිමත් මූල්‍ය ව්‍යාපාර නතර කරන්නැයි ආණ්ඩුවට ඉල්ලීම්




රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා සේම රට තුළ ක්‍රියාත්මක මූල්‍ය අක්‍රමිකතාවලට අදාල ව්‍යාපාර පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් පවසනවා.

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ එවැනි මූල්‍ය අක්‍රමිකතාවලට හසු වූ ජනතාව මේ වන විට ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි. 

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නා. ඊට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මෙම අදහස් පල කළා.

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා රජය අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

වර්තමානයේ මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.