Tuesday, December 24, 2024

General line - 0115112241

සුදු ළුෑණු වංචාව ගැන ප්‍රශ්නයකින් මැතිසබය උණුසුම්




පසුගිය සමයේ සිදු වූ සුදු ළුෑණු වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලද වහාම ඊට අදාළ නඩු පැවරීම සිදුකරන බව වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

 පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඊට අදාල අතුරු ප්‍රශ්නයක් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා වෙත යොමු කළේ මෙලෙසයි.

අදාල අතුරු ප්‍රශ්න විමසන අවස්ථාවේදී සභාවේ උණුසුම් සංවාදයක් ඇති වූ අතර සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එම සංවාදයට මැදිහත් වුණා.