මාතර අපරාධ කොට්ඨාස විමර්ශන අංශය මඟින් ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ නිවසකින් පසුගියදා සොයාගනු ලැබූ හෙරොයින් කිලෝ 200 කට ආසන්න ප්‍රමාණයෙන් කිලෝ එකකට අධික ප්‍රමාණයක් අස්ථානගතව තිබේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ, පොලිස්පතිවරයා වෙත ලද නිර්ණාමික පෙත්සමකට අනුවයි. ඒ අනුව, අදාළ කරුණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විමර්ශන ආරම්භ කර ඇති බවයි අනාවරණ වුණේ.
පොලිස් භාරයට ගත් එම හෙරොයින් තොගයෙන් කිලෝ එකයි ග්‍රෑම් 400 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රොටුඹ අමිල නැමැත්තාට අලෙවි කර ඇති බවට අදාළ පොලිස්පතිවරයා වෙත යොමුකළ නිර්ණාමික පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වනවා.
එමෙන්ම මෙම නිර්ණාමික පැමිණිල්ල විමර්ශන නොමග යැවීමේ අරමුණින් සිදුකරන ලද එකක් ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි.