Tuesday, December 24, 2024

General line - 0115112241

හිටපු සුරාබඳු කොමසාරිස් ජනරාල්ට විදෙස් ගතවීමට අවසර

උදය කුමාර




අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණ  අද අවසර ලබා දුන්නා. 

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අවසරය ලබා දුන්නේ හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

ඉකුත් පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා නම් කර සිටිනවා.