Tuesday, December 24, 2024

General line - 0115112241

අධ්‍යාපන සුදුසුකම් ගැන මැතිසබයේදී ප්‍රශ්න වැලක් - සජිත්ගේ අධ්‍යාපන සහතික හෙට පාර්ලිමේන්තුවට




සිය ආණ්ඩුවට සොරකම් පිළිබඳ චෝදනා ඉදිරිපත් කළ නොහැකි විපක්ෂය ආණ්ඩුව නියෝජනය කරන පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ප්‍රශ්න නගමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

ඒ, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයට එක්වෙමින්.

මේ අතර මෙම විවාදයේදී මන්ත්‍රීවරුන් ගණනාවකගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා. 

එම විවාදයට එක් වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ වෛද්‍ය ජානක සේනාරත්න   මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සිය නමට ඉදිරියෙන් ආචාර්ය පදවියක් එක්කර තිබීම සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ද අදහස් පළ කළා.

සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්නයක් මතු කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.