ලබන සතියේ සිට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පසුගිය මාස එකොළහමාර තුළ පමණක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය රුපියල් මිලියන 1,448 ක වැය බරක් දරා ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මන්ත්‍රීවරයා සහ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.